උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

ආසාදිතයින් දෙකක් දක්වා ඉහලට - කොරෝනා භීතිය රට පුරා


ආසාදිතයින් දෙකක් දක්වා ඉහලට  - කොරෝනා භීතිය රට පුරා

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත් තවත් රෝගියෙකු කොළඹ මුල්ලේරියාව අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඒ අනුව මෙරටින් හඳුනාගත් දෙවන ශ්‍රී ලංකික කොරෝනා ආසාදිතයා මෙලෙස වාර්තා වුණා.

රුධිර සාම්පල පරීක්ෂණයේදී ඔහු කොරෝනා ආසාදිතයෙකු බව නිශ්චිතවම හඳුනාගත් බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ. 

ඊයේ හඳුනාගත් ආසදිතයා සමග එකට නවාතැන් ගෙන සිටි පුද්ගලයෙකු මෙලෙස දෙවන කොරෝනා ආසදිතයා ලෙස හඳුනාගෙන ඇති බව ද සමරවීර මහතා සඳහන් කළා. ඔහු 44 හැවිරිදි පුද්ගලයෙක්. 

ඔවුන් නවාතැන් ගෙන සිටි ස්ථාන සහ ඇසුරු කළ පුද්ගලයින් සමබන්ධයෙන් පුළුල්ව අවධානය යොමු කර ඉදිරි පරීක්ෂණ කටයුතු සිදු කරන බව ද අධ්‍යක්ෂවරයා සඳහන් කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot