චීනයේ සිට තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට .
චීනයේ සිට පැමිණි ගුවන් යානා තුනකින් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත 2/01 දින රාත්‍රී සහ 2/02 අලුයම පැමිණ තිබේ .
ඔවුන් අතර චීනයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා ගොස් සිටි සිසුන් ද වන බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සදහන් කළේය .
ඔවුන් 2/01 දින රාත්‍රී 8.45 එයා චයිනා ගුවන් සේවයට අයත් චෙංඩු සිට පැමිණි සී.ඒ.- 425 දරන ගුවන් යානයෙන් එක් අයෙකු ද , 2/02 දින ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් වන අලුයම 4.55 ට ග්වැන්ෂෝ සිට පැමිණි යූ.එල්.- 881 දරන ගුවන් යානයෙන් 63 ක් සහ අලුයම 5.40 ට බෙයිජිං සිට පැමිණි යූ.එල්.- 869 දරන ගුවන් යානයෙන් 77 ක් වශයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් 141 ක් චීනයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සියලු දෙනා ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් පරීක්ෂා කර බලා , ඔවුන්ට කිසිදු කොරෝනා වෛරස ආසාදිත රෝග ලක්ෂණ නොවූයෙන් , ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර හැර තිබේ .
No comments:
Post a Comment