වසර 16 ක සිට රට ගිය බිරිද සොයන සැමියා 2020.01.01 තීරණාත්මක සටනකට සැරසෙයි .
ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16 ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින දරු පවුලක් රකින සැමියකු පිළිබඳ තොරතුරක් ගලේවෙල දේවහුව නාරංගස් වැව ගම්මානෙන් වාර්තා විය.
දහස් වාරයක් පමණ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ජනාධිපතිවරයෙකුට මානව හිමිකම් කොමිසමට ඇමතිවරුන්ට ලිපි මගින් සහ මුණගැසී තොරතුරු ලබා දුන්නද මෙතෙක් තම බිරිඳ ගැන කිසිදු තොරතුරක් ලබා නොදීම හේතුවෙන් ලබන ජනවාරි පළමුවෙනිදා තම බිරිඳ ගැන තොරතුරක් ලබා නොදුනහොත් විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරිපිටට ගොස් සිය දිවි හානි කරගැනීමට මෙම පියා තීරණය කර ඇතැයි හෙතෙම පැවැසීය.
ගලේවෙල නාරංගස් වැව දේවහුව ලිපිනයේ පදිංචිව සිටි ටී .එම්. නීලමනී තෙන්නකෝන් (49) හැවිරිදි තිදරු මව 2005. 6. 14 දින නිවස සාදා ගැනීම සඳහා සවුදි අරාබියාවේ රැකියාවකට ගිය බව සැමියා වන ආර් . එම් .සුරවීර මහතා කියා සිටී.
බිරිඳ විදේශගත වී මාස තුනකට පසු අසල්වැසි නිවසකට දුරකථනය හරහා කතාකොට මාස දෙකක වැටුප් ගෙවන බව ප්‍රකාශ කළ බවත් එහෙත් එදා සිට මේ දක්වාම තම බිරිඳ පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බව හෙතෙම දැඩි කනස්සල්ලෙන් යුතුව පැවසීය.
දියණියන් දෙදෙනෙකු සහ පුතෙකු සමග ඉතා අසරණව ජීවත් වූ මෙම කියා සිටියේ තම දියණියන් දෙදෙනා විවාහ වී පුතා කුඩා අවධියේ මව දමා ගිය බවය දැන් තම පුත්‍රයාට ද වයස අවුරුදු 19ක තරුණයෙක් බවත් ඔහු මෙතෙක් අම්මා දැක නැති බව ද ඔහු පැවසීය.
වසර දාසය ක පමණ කාලයක සිට රටේ පැවති සියලුම විදේශ සේවා නියුක්ති කාර්යාංශ නිලධාරීන්ට විදේශ ඇමතිවරුන්ට සේවය කළ ජනාධිපතිවරුන්ට ලිඛිතව සහ වාචිකව මේ පිළිබඳව දැනුම් දුන් බවත් මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිහිටි දේවාල වලට ගොස් විශාල මුදලක් වියදම් කළ බවත් මේ වන විටත් තම කුඹුර පවා උගස් කොට රුපියල් ලක්ෂ දහයකට වඩා වැඩි මුදලක් වියදම් කරමින් බිරිඳ සෙවීමේ කටයුතු වල නිරතව සිටින බව ඔහු කීවේය.
තවදුරටත් තමාට මෙම කර්තව්‍යය සිදු කිරීමට නොහැකි බැවින් ලබන වසරේ ජනවාරි පළමු වන දින තමන් මෙම සියල්ලටම වගකිව යුතු විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ඉදිරිපිටට ගොස් මෙම ලිපි තොගය පුළුස්සා තමාද සිරුරට ගිනි තබා ගන්නා බවත් එසේ නොමැති නම් කෙසේ හෝ තම සියදිවි හානිකර ගැනීම සිදුකර ගන්නා බව හෙතෙම සඳහන් කළේය .ඊට හේතුව වසර දාසයක් තිස්සේ තම බිරිඳ පිළිබඳ කිසිදු තොරතුරක් ලබා නොදීම සහ තමාට ද දැන් වයසට ගොස් ජීවත් වීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව ණයකාරයෙක් බවට පත්ව තිබෙන බව නිසාවෙනි යයි ඔහු කීවේය.
විදේශගතව අතුරුදන්ව සිටින ටී .එම්, නීලමනී තෙන්නකෝන් මහත්මිය ගේ දියණියක් වන දිනුෂා හර්ශනි 28 මහත්මිය කියා සිටියේ තම මෑණියන් ජීවතුන් අතර සිටින බවට තමන්ට විශ්වාසයක් පවතින බව ද කිසියම් හිරගෙදරක සිටී නම් එසේත් නොමැතිනම් සෞදි අරාබියාවේ සිරකරගෙන සිය මවගෙන් වැඩ ගන්නවා ඇතැයි විශ්වාස කරන බව ඇය හැඬූ කඳුළින් පැවසුවාය .කෙසේ හෝ තම මෑණියන් ලංකාවට ගෙනැවිත් දෙන්න හෝ මෑණියන්ට සිදු වූ දෙයක් ඇත්නම් වහාම සොයා දෙන්නැයි ඇය බලධාරීන්ගෙන් ඉල්ලීමක් ද කළා
No comments:
Post a Comment