උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

දේශපාලන පක්‍ෂ කොන්දේසි 08 ක් පිළිගනියි.


දේශපාලන පක්‍ෂ කොන්දේසි 08 ක් පිළිගනියි.


මාර්තු 12 ව්‍යාපාරය විසින් දේශපාලන පක්ෂ වෙත ඉදිරිපත් කල කරුණු 08කින් සමන්විත යෝජනාවලිය පිළිගැනීමට ප්‍රධාන දේශපාලන පක්ෂ අද එකගතාව පල කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විශේෂ සම්මන්ත්‍රණයේදීයි.
සමස්ත ජන ප්‍රජාවට සංවේදී දේශීය චින්තයකින් යුතු ජත්‍යන්තර දේශපාලනය පිලිබඳ අවබොධයක් ඇති සහ නීති, ප්‍රතිපත්ති සම්පාදනයටත් මුල්‍ය කළමනාකරණයටත් හැකියාව සහිත පුද්ගලයින් මැතිවරණයට ඉදිරිපත කිරීමට එම නිර්ණායකවල සඳහන් පළමු කාරණයයි.
අපරාධ වරදක් සදහා සිරදඩුවම් ලැබූ හෝ අත්හිටවූ සිරදඩුවමකට ලක්වූ අයවලුන් වෙත නාමයෝජනා ලබා නොදෙන බව දෙවන කරණය ලෙස සඳහන් වනවා.
තුන්වන කරණය වන්නේ අල්ලස් හෝ දුෂණ පිලිබඳ නීතිමය හෝ සමාජයීය වශයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්ට නාමයෝජනා ලබා නොදිය යුතු බවයි. මත්ද්‍රව්‍ය , මධ්‍යසාර , ගණිකා මඩම් සහ සූදු ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයින්ට ඡන්දය ඉල්ලිම් අවස්ථාව නොදිය යුතුය යන්න සිවුවන කාරණය ලෙස දැක්වෙනවා.
පාරිසරික වශයෙන් හානිදායක ව්‍යාපාරවල යෙදෙන පුද්ගලයින්ට ද නාමයෝජනා ලබා නොදිය යුතු බව මාර්තු 12 ව්‍යාපාරය යෝජනා කර සිටිනවා. මහජන නියෝජිතයෙකු වීමට පෙර අගතිගාමී ගිවිසුම් ඇතිකරගත් පුද්ගලයින් හෝ මහජන නියෝජිතයෙකු ලෙස සිටිමින් මුල්‍ය ගනුදෙනුවල පාර්ශවකරුවෙකු ලෙස කටයුතු කිරීම ද ඡන්දය ඉල්ලිම සදහා නොගැලපෙන කාරණයක් බව එම ව්‍යාපාරය පෙන්වා දී තිබෙනවා.


කාන්තා සහ තරුණ නියෝජිතයින්ට වැඩි වශයෙන් නාමයෝජනා ලබාදිය යුතු බවත් , ආගමික නායකයින් වෙත නාමයෝජනා ලබා නොදිය යුතු බවත් මාර්තු 12 ව්‍යාපාරය ඉදිරපත් කර ඇති නිර්ණායක මාලාවේ 07 වන සහ 08 වන කාරණා අතරට ඇතුළත්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ , සමගි ජන බලවේගය . එක්සත් ජාතික පක්ෂය , ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරමින් නියෝජිතයින් මෙම සමුළුවට එක්ව සිටියා. හිටපු කතානායක කරු ජයසුරිය මහතා ද ඊට එක්ව සිටීම විශේෂත්වයක්. එමෙන්ම අනෙක් වැදගත් කරණය වන්නේ මාර්තු 12 ව්‍යාපාරය විසින් ඉදිරපත් කල නිර්ණායක 08 පිළිගනිමින් ඊට අනුකුලව කටයුතු කරන බවට සියලු දේශපාලන පක්ෂවල නියෝජිතයින් ප්‍රතිඥා ලබාදීමයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot