විදෙස් රැකියා ගමනත් නවතයි.
කොරෝනා අවදානම පාලනය වන තුරු ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශගත කිරීම සඳහා අනුමැතිය ලබා නොදීමට විදේශසේවා නියුක්ති කාර්යාංශය තීරණය කර තිබෙනවා. ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයට එරෙහි ආරක්ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.
රජයේ හා කාර්යාංශ ප්‍රධානීන් හා බලපත්‍රලාභී විදේශ රැකියා ආයතන නියෝජිතයින් අතර අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත්කළා. ශ්‍රී ලංකාව තුල සිදු කරන නිරෝධායන ක්‍රියාවලියට සහයෝගය ලබා දීම මෙම තීරණයේ ප්‍රධාන අරමුණයි. එමෙන්ම කොරෝනා වෛරසය ව්‍යාප්තව ඇති ඇතැම් රටවල් විසින් එම රටවල්වලට ඇතුළුවීම සීමා කිරීමට ගෙන ඇති තීරණයට සහයෝගය ලබාදීම එහි තවත් අපේක්ෂාවක් වන බව විදේශ සේවා නියුක්ති කාර්්‍යාංශය සඳහන් කළා.
No comments:
Post a Comment