ඉන්දන හිඟය ගැන රජයෙන් ප්‍රකාශයක්.
රට තුළ ඉන්දන හිඟයක් ඇතැයි පැවැසෙන වාර්තා මුළුමනින්ම සාවද්‍ය බව රජය අවධාරණය කළා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවැසුවේ රටතුළ ප්‍රමාණවත් ඉන්දන තොග රඳවා ඇති බවයි. එබැවින් ඉන්දන හිඟයක් පිළිබඳ අනියත බියක් ඇති කර නොගන්නා ලෙසද ජනතාවට දැනුම් දෙන රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ සාමාන්‍ය පරිදි දිවයින පුරා ඉන්දන බෙදා හැරීමේ කටුයතු සිදුවෙමින් පවතින බවයි.
මේ අතර භාණ්ඩ හිඟයක් පිළිබඳ සැක ඇති කරගැනීමට හෝ හදිසි තත්ත්වයක් ඇතිවේයැයි සිතමින් ආහාර ද්‍රව්‍ය තොග වශයෙන් නිවාසවල ගබඩා කර ගැනීමට හෝ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද රජය අවධාරණය කරනවා. අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුවේ රටේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති වී නොමැති බවයි. ඇති විය හැකි යැයි සැකකළ හැකි අවදානමක් පාලනය කර ගැනීම වෙනුවෙන් පමණක් යම් යම් ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වී ඇතැයිද ඔහු පැහැදිලි කළා. ආරක්ෂාව වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග හමුවේ භීතියට පත් නොවිය යුතු බව රජයේ අවවාදයයි.
No comments:
Post a Comment