කොරෝනා අස්සෙන් රවී මතු වෙයි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු සැකකරුවන් 7 කු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටි බවට කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද අධිකරණයේදි සටහන් තැබුවා. මෙම සැකකරුවන් අධිකරණයෙන් පෙනී සිටීම සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය වෙත ලිඛිතව දන්වා යවන ලෙස මහෙස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරියටද නියෝග කළා.
අභියාචනාඅධිකරණයේ නියෝග ප්‍රකාරව තමන් ඉදිරියේදී නඩුව කැඳවූවද, ඒ සම්බන්ධයෙන් නියෝගයක් ලබා දීම සඳහා තමන්ට අවසර ලබා දී නොමැති බව මහේස්ත්‍රාත්වරයා පැවැසුවා. එබැවින් පැමිණිම පමණක් සටහන් කරන බව පැවැසූ මහේස්ත්‍රාත්වරයා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා සියළු තොරතුරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි අප අධිකරණ වාර්තාකරු පැවැසුවේ.
පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂිස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, ප්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන, රංජන් හුළුගල්ල ඇතුළු 7 දෙනකු අද අධිකරණයේ පෙනී සිටියා.
මහබැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවන්ට අද සවස 4 ට කොටුව අධිකරණයට පැමිණෙන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබුණා. ඒ අනුවයි මෙම පිරිස අද සිය නීතීඥයින් සමඟ පැමිණ අධිකරණය හමුවේ පෙනී සිටියේ.
දින 07 ට වැඩි කාලයක් ආගිය අතක් නොමැතිව හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පවා සොයා ගත නොහැකි වූ රවී කරුණානායක මහතා අද මෙලෙස විවෘත අධීකරණයේ පෙනී සිටියා.
No comments:
Post a Comment