උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

රවී කොහේදැයි තාමත් නොදනී.


රවී කොහේදැයි තාමත් නොදනී.

රවී කරුණානායක , අර්ජුන ඇලෝසියස් ඇතුළු සිවුදෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් පිලිබඳ වැඩිදුර කරුණු විමසීම හෙට දින දක්වා කල් තැබුණා. පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ තමන් අත්අඩංගුවට ගැනීම සදහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කරන ලෙසයි.  
එම පෙත්සම් අද දිනයේද අභියාචනාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුනා. රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේ තම සේවාදායකයා අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කිරීමේදී කොටුව මහේස්ත්‍රාත්වරයා පක්ෂග්‍රහිව කටයුතු කර ඇති බවයි.
සිද්ධියට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 136වන වගන්තිය යටතේ කරුණු වාර්තා කර ඇතත් බී වාර්තාවක් ගොනු කිරීමට එම නීති සංග්‍රහය තුළ ප්‍රතිපාදන නොමැති බවත් , ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා පැවසුවා. ඒ පිලිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම හෙට දිනයට කල් තැබීමටයි අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේ.
2016 වසරේ සිදුවූ බැඳුම්කර වෙන්දේසි දෙකක් මගින් රජයට රුපියල් බිලියන 50කට වැඩි අලාභයක් සිදු කල බවටයි රවී කරුණානායක මහතා ඇතුළු 11 දෙනෙකුට චෝදනා එල්ල වී තිබෙන්නේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot