උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග හඳුනාගන්නැයි ජනපති පර්යේෂකයන්ට කියයි.

කුඩා රටක් සංවර්ධනය කළ හැකි මග හඳුනාගන්නැයි
ජනපති පර්යේෂකයන්ට කියයි.
“ශ්‍රී ලංකාව කුඩා රටක්. කුඩා ආර්ථිකයක්. ජනගහණයත් විශාල නැහැ. එවැනි රටක්
ඉහළ සංවර්ධන මට්ටමකට ඔසවා තබන්නේ කෙසේදැයි පර්යේෂණ කරන්න”
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පර්යේෂණ ක්ෂේත්‍රයේ ප්‍රධානීන්ගෙන් ඉල්ලා
සිටී.
අද ලෝකයේ ඇත්තේ දැනුම පදනම් කොටගත් ආර්ථිකයක් බැවින් පහසුවෙන් පුහුණු
කළ හැකි ශ්‍රම බලකායක් සිටින අප රටේ ආර්ථිකය දියුණු කළ යුත්තේ ඔවුන් කේන්ද්‍ර
කොටගෙන බව ද එතුමා පෙන්වා දෙයි.
පර්යේෂණ ක්ෂේත්‍රයේ ආයතන රැසක සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල
සාමාජිකයන් සමග අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී
ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය. එතුමාගේ “රට හදන සෞභාග්‍යයේ දැක්ම”
ප්‍රතිපත්ති ප්‍රකාශනය පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම පිණිස
සංවිධානය කෙරෙන හමුවීම් මාලාවක සිව්වැන්න මෙය විය. හෙක්ටර් කොබ්බෑකඩුව
කෘෂිකර්ම පර්යේෂණ සහ පුහුණු ආයතනය, ජාතික විද්‍යා පදනම, ආතර් සී ක්ලාක්
තාක්ෂණ විද්‍යා කේන්ද්‍රය, පසු අස්වනු තාක්ෂණ ආයතනය ඇතුළු පර්යේෂණ ආයතන
රැසක ප්‍රධානීහු සාකච්ඡාවට පැමිණ සිටියහ.
“අපේ දේශපාලන සංස්කෘතියේ යම් බිඳ වැටීමක් දකින්නට පිළිවන්. එය නිවැරදි
කිරීමේ අරමුණ ඇතිවයි ජනතාව දේශපාලනයෙන් බාහිර පුද්ගලයෙක් ජනාධිපති
ධූරයට තෝරා ගත්තේ. මේ තමයි මා ජය ගත යුතු අභියෝගය. ජනතා අපේක්ෂා
ඉටුකිරීමේ දී රාජ්‍ය අංශයට පැවරී ඇත්තේ විශාල වගකීමක්. රාජ්‍ය ආයතන
කාර්යක්ෂමනම්, ජනතාවට අවශ්‍ය සේවය ඉටු කරන්නේනම් අපට ප්‍රශ්න ඇතිවන්නේ
නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පැවසීය.
ආර්ථික සමාජ ක්‍රියාදාමයේ සෑම ක්ෂේත්‍රයකම වර්ධනය පිණිස විධිමත් පර්යේෂණ
කිරීම ආර්ථික දියුණුවට ප්‍රබල සාධකයක් බව අවධාරණය කළ ජනාධිපතිතුමා
සමාජයේ පහළම ස්ථරයට ඉහළ ජීවන තත්ත්වයක් අත්කරදීම සිය ප්‍රධාන
අපේක්ෂාව බව කීය. දිළිඳුතම පවුල්වලින් තෝරාගත් ලක්ෂයක් දෙනා රැකියා
නියුක්ත කිරීමේ වැඩසටහන සැලසුම් කළේ එකී අරමුණ සපුරා ගැනීමට බව ද
ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.
“අපි කෘෂිකාර්මික රටක්. එහෙත් අපේ ගොවියා දුප්පත්. දෙවැනි, තුන්වැනි පරම්පරා
ගොවිතැන තෝරාගන්නේ අන් කළ හැකි දෙයක් නැතිනම් පමණයි. නව පරපුර
ගොවිතැනට ආකර්ශණය කර ගැනීමට මේ ක්ෂේත්‍රයට තාක්ෂණය හඳුන්වාදිය යුතුයි.
ඉන්දියාව එසේ කිරීමෙන් ප්‍රතිඵල අත්කරගෙන තිබෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot