උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

ආසාධිතයාගේ පුතාට කොරෝනා නෑ - ව්‍යාජ පුවත්වලට නොරැවැටෙන්න - තොරතුරු ඇත්නම් ලබාදෙන්න


ආසාධිතයාගේ පුතාට කොරෝනා නෑ - ව්‍යාජ පුවත්වලට නොරැවැටෙන්න - තොරතුරු ඇත්නම් ලබාදෙන්න.

ඉරානය , දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන සෑම පුද්ගලයෙකුම නිරෝධායන ක්‍රියාවලියකට යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. චීනය වඩාත් සාර්ථකව රෝගය පාලනය කර ඇති බැවින් චීන ජාතිකයින් නිරෝධායනයට ලක් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව විද්‍යාඥන්ගේ නිගමනයයි.

චීනය සමස්ථයක ලෙස කොරෝනා මර්දන ක්‍රියාවලිය සාර්ථකව දියත් කර ඇති බව ද , මේ වනවිට වාර්තා වන රෝගීන් ගණන දිනකට 20 වැනි අගයකට පහල ගොස් ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

කොරෝනා අසදිතයෙකු ලෙස හඳුනාගත් 52 හැවිරිදි සංචාරක මගපෙන්වන්නා වෙත විශේෂ පහසුකම් සහිතව ප්‍රතිකාර ලබාදීමට ද පියවර ගෙන තිබෙනවා. මේ තත්ත්වය තුල ව්‍යාජ තොරතුරු ව්‍යාප්ත වෙමින් පවතින බව ද පෙන්වා දෙන අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටියේ ඔහුගේ පුත්‍රයාට කොරෝනා අසාදනය වී ඇති බවට පැතිර යන වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි. ඔහු ඉගෙනුම ලබන කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ආචාර්ය මණ්ඩලය දැනුවත් කරමින් සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇත්තේ එම දරුවාට පියාගෙන් රෝගය වැළදීමට කිසිඳු හැකියාවක් නොමැති බවයි.
එය විද්‍යාත්මක තහවුරු කල හැකි කාරණයක් බව ද අනිල් ජාසිංහ මහතා සඳහන් කළා.


කෙසේ වෙතත් කොරෝනා අසාදනය වී කොළඹ අයි.ඩි.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින සංචරක මග පෙන්වන්නා ඉතාලි ජාතිකයින් පිරිසක් සමග දිවයිනේ විවිධ ස්ථානවල සංචාරය කර තිබෙනවා.
එමෙන්ම මෙම සංචාරක මග පෙන්වන්නා රැඳී සිටි හබරණ ප්‍රදේශයේ සම්බාහන ආයතනයක් සම්බන්ධයෙන් ද මේ වනවිට අවධානය යොමු වී ඇත්තේ ඔහුට සම්බාහන සත්කාර ලබාදුන් තරුණයෙකු හදිසියේ රෝගාතුර වීමත් සමගයි.
ඔහුට ද කොරෝනා අසාදනය වී ඇති බවට සැක මතුවීම හේතුවෙන් අදාළ තරුණයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. මේ වනවිට හබරණ නගරයේ සහ ඒ ආශ්‍රිතව පිහිට ඇති සම්බාහන මධ්‍යස්ථාන 50ක් පමණ තාවකාලිකව වසා දැමීමට ද සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.
මෙම තත්ත්වය තුළ තවත් බොහෝ පිරිසකට වෛරසය අසාදනය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ වල සැකයයි.
රෝගය ව්‍යපත්වීමේ තත්ත්වය අවම කර ගැනීම සදහා දැනුවත් වීම සහ සහයෝගය ඉතා වැදගත් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ.

එමෙන්ම දිවයින පුරා රෝහල් 18ක් කොරෝනා අසදිතයින්ට ප්‍රතිකාර ලබාදීම සදහා සුදානම් කර තිබෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙන්නේ පොලොන්නරුව රෝහල වෙත අද ඊට අවශ්‍ය පහසුකම් ලබාදීමට පියවර ගත්  බවයි.

මේ අතර කොරෝනා වෛරසය සම්බන්ධයෙන් කිසියම් තොරතුරක් හෝ ගැටළුවක් ඇත්නම් ඒ පිලිබඳ  දැනුම්දීම සදහා විශේෂ දුරකථන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා. 0710 107 107 හෝ 0113 071 073 යන අංක වෙත ඒ පිලිබඳ තොරතුරු ලබාදිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot