උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

29 ක් රෝහල්වල - කොරෝනා භීතිය හමුවේ වෙළඳසැල්වල මහ පෝලිම්


29 ක් රෝහල්වල - කොරෝනා භීතිය හමුවේ වෙළඳසැල්වල මහ පෝලිම්

කොරෝනා බවට සැකකෙරෙන 29කට වැඩි පිරිසක් මේ වනවිට දිවයිනේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටිනවා. හලාවත , පොලොන්නරුව , අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ කිහිපයකින් සැකපිට පුද්ගලයින් 06 දෙනෙකු පරීක්ෂණ සදහා යොමු කර තිබුණා. කොළඹ අයි.ඩී.එච් උණ රෝහලේ අධීක්ෂණය මත ඔවුන් සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ක්‍රියාත්මකයි.
එමෙන්ම විදෙස් ගතව සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය කිරීම සදහා අඛන්ඩව යොමු කිරීමට ද පියවර ගනිමින් සිටිනවා. මඩකලපුව ෂරියා විශ්ව විද්‍යාලයේ , පොළොන්නරුව කන්දකාඩු ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථාන වෙත ඔවුන් යොමු කිරීමට නියමිතයි.
මේ වනවිට පුද්ගලයින් 1200කර වැඩි පිරිසක් නිරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කර තිබෙනවා. ඉරානය , දකුණු කොරියාව සහ ඉතාලිය යන රටවල සිට පැමිණෙන ගුවන් මගීන් නිරෝධායන ක්‍රියාවලියට අනිවාර්යයෙන් යොමුවිය යුතුයි.
මේ අතර සෞදි අරාබිය , ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 39කට  ගුවන් ගමන් අත්හිටුව තිබෙනවා. පැමිණීම සහ පිටත් වීම මෙලෙස දින නියමයක් නොමැතිව අත්හිටුව ඇති බවයි සෞදි අරාබියේ කොන්සල් කාර්යාලය නිවේදනය කළේ.
කොරෝනා ලෝක මට්ටමේ අර්බුදයක් දක්වා පරිවර්තනය වෙමින් තිබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කිරීමත් සමගයි සෞදි අරාබිය ගුවන් ගමන් තහනමක් පනවා තිබෙන්නේ.
මේ වනවිට ලෝකයේ රටවල් 120කින් කොරෝනා අසදිඅතයින් එක්ලක්ෂ විසිදහසක් පමණ වාර්තා වී තිබෙනවා. සමස්ත මරණ ගණන 4300 ඉක්මවන බවයි ලෝක වාර්තා සඳහන් කරන්නේ. එමෙන්ම ලොව පුරා රාජ්‍යයන් 22ක් විසින් පාසල් වසා දැමීමට තීරණය කර ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කල වර්තාවක දැක්වෙනවා.

මේ අතර කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලත් , අර්ධ නාගරික ප්‍රදේශවලත් ජනතාව බඩුභාණ්ඩ සහ ආහාර ද්‍රව්‍ය වැඩි වශයෙන් මිලඳී ගන්නා ආකාරයක් අද දිනයේ නිරීක්ෂණය කිරීමට හැකි වුණා.
සුපිරි වෙළඳ සංකීර්ණවල විශාල පිරිස් රැස්ව සිටින ආකාරයක් , වෙළඳසැල්වල භාණ්ඩ අවසන්ව තිබෙන ආකාරයක් පිලිබඳ තොරතුරු අද දිනයේ බොහෝ ප්‍රදේශවලින් වාර්තා වුණා. කොරෝනා පැතිරීමේ බරපතල අවදානමක් ඇතිවිය හැකි බවට ජනතාව තුළ ඇතිවී තිබෙන සැකය සහ භීතිය මෙම තත්ත්වයට හේතුවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot