උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

රුපියලේ අගය තවත් පහළ යයි.

රුපියලේ අගය තවත් පහළ යයි.


කොරෝනා වෛරසයේ බලපෑමත් සමඟ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද තවදුටත් පහත වැටුණා. ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයක රුපියල් අගය අද වාර්තා වී තිබුණේ 188.20 ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව අද ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 188.20 ක් ලෙසත් ගැනුම් මිල රුපියල් 184.11 ක් ලෙසත් සටහන් වී තිබුණා.

කොරෝනා බලපෑම හමුවේ පසුගිය සතියේත් මේ සතිය ආරම්භයේදීත් ලෝකයේ මූල්‍ය වෙළෙඳපොළ මෙන්ම ගෝලීය බොරතෙල් මිල ගණන් ද පහත වැටුණා. වර්තමාන තත්ත්වය හේතුවෙන් පොළී අනුපාත අඩු කිරීමට ද බොහෝ රටවල් පියවර ගෙන තිබූ අතර, කොරෝනා වෛරසයෙන් ආර්ථිකයට සිදුවී තිබෙන හානිය අවම කිරීමට මුළු ලෝකයම එක්ව හා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගත යුතු බව  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද විශේෂ වාර්තාවක් නිකුත් කරමින් පෙන්වා දී තිබුණා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot