උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 19 March 2020

ලබන සතියම ගෙදර සිට වැඩ කරන්න - 23 දාරාජ්‍ය සේවකයින්ට වැටුප්.



ලබන සතියම ගෙදර සිට වැඩ කරන්න  - 23 දාරාජ්‍ය සේවකයින්ට වැටුප්.

හෙට සිට ලබන 27 දක්වා වූ කාලය නිවසේ සිට රාජකාරී කටයුතු කරන කාලසීමාවක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කළා. මෙම තීරණය රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජය විශේෂ නිවේදනයක් මඟින් දැනුම් දුන්නේ.

එමෙන්ම මෙම කාලසීමාව රජf් නිවාඩු ලෙස නොසලකන බවද එම නිවේදනයේ දැක්වුණා. කෙසේ වෙතත් 21 සහ 22 යන දින රජයේ නිවාඩු දින ලෙස සලකන බව ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති සවිස්තරාත්මක චක්‍රලේඛයේ දැක්වෙනවා.

එමෙන්ම සියලුම රජයේ සේවකයින් සඳහා එළැඹෙන 23 වන සඳුදා දින වැටුප් ගෙවන ලෙස අග්‍රාමාත්‍යවරයා  මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා. සංස්ථා, මණ්ඩල, දෙපාර්තමේන්තු ඇතුළු රජයේ සියළු ආයතනවලට අදාලව මෙලෙස වැටුප් ගෙවීමට නියමිත බවයි මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කර තිබෙන්නේ.

මේ අතර නිවාඩු ලබාදී තිබියදී සේවා පවත්වාගෙන යන ආයතනවලට සෞඛ්‍ය ආරක්‍ෂිත නිලධාරියෙකු බැඟින් පත්කරන්නැයි කම්කරු අමාත්‍යංශය නියෝග කර තිබෙනවා. අනිවාර්ය නියෝගයක් ලෙස සලකා මෙම ක්‍රියාමාර්ග වෙත අවතීර්ණ වන ලෙසයි කම්කරු අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබෙන්නේ.

විෂබීජ හරණය කිරීම, මුඛ ආවරණ පැලැදීම ඇතුළු උපදෙස් මාලාවක්ද නිකුත් කර ඇති අතර, එම උපදෙස් අනුව ක්‍රියාත්මක නොවන ආයතන සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වන බවයි අමාත්‍යංශය වැඩිදුරටත් පවසන්නේ. 
සේවකයින්ට වැටුප්. සඳහා පින්තුර ප්‍රතිඵල


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot