උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 13 March 2020

අධිවේගී යේ බස් රථ දෙකක් ගිනි ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමයි.

අධිවේගී  යේ බස් රථ දෙකක් ගිනි ගැනීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමයි. 

අද දින (13) පෙරවරුවේ  දක්ෂිණ අධිවේගී  බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව හා මින් පෙරත් මෙවැනිම ආකාරයෙන් අධි සුඛෝපභෝගී බස් රථයක් ගිනි ගැනීම සම්බන්ධව වහාම තමන්ට  ලබා දෙන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
මේ සම්බන්ධව කළ සොයා බැලීම්ව ල දී හෙලි වුයේ අද දින (13) ගිනි ගත් සුඛෝපභෝගී බස් රථය ලංගමට අයත් එකක් නොව එය ලංගම යටතේ ධාවනය වන පුද්ගලික බස් රථයක් බවයි. මෙම බස් රථය ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිල දී ගන්නා ලද එකක් නොවන  අතර දැනට කිලෝ මීටර් ලක්ෂ 10ක් පමණ වන දුරක් ධාවනය කර ඇති බස් රථයකි. එම බස් රථය ලංගම කෝටාව යටතේ අධිවේගී  ධාවනය සඳහා යොදවා ඇති අතර එම බස් රථය උපයන ආදායමෙන් සියයට 15ක් ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙවනු ලබයි.
කෙසේ වුවද අමාත්‍යාංශයේ ලේකම්වරයා හට උපදෙස් දුන් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ ආකාරයෙන් යොදවා ඇති සෙසු බස් රථ සම්බන්ධව ද වහාම සොයා බලන ලෙසත්, එම බස් රථ සම්බන්ධව තාක්ෂණික  වහාම ලබා දෙන ලෙසත් උපදෙස් දුන්නේය.
ඇතැම් රියදුරන් විසින් විවිධ අවශ්‍යතා සඳහා විදුලි පරිපථ වෙනස් කිරීමට යාමෙන් මෙවැනි අනතුරු සිදුවීම බහුල බවත් එමනිසා ඒ සම්බන්ධව ද අවධානය යොමු කරන ලෙසත් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලංකා ගමනාගමන මණ්ඩලයේ විමර්ශන ඒකකයට නියෝග කළේය.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot