උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 13 March 2020

ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය අහෝසි කරන්නැයි උපදෙස්

ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය අහෝසි කරන්නැයි උපදෙස් 


ඉන්ධන සැගවීමට උත්සාහ කළහොත් ඉන්ධන අලෙවි බලපත‍්‍රය වහාම අහෝසි කරන්නැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිළධාරින්ට උපදෙස් දෙයි...

කිසියම් පිරිසක් කෘති‍්‍රම ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරමින් සිටින බවත්, මේ වන විට ඇතැම් ඉන්ධන අලෙවිසැල් ඉදිරිපිට වාහන පෝලිම් ඇති බවටත් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයට වාර්තා වී ඇත.
නමුත් මේ වන විට දිවයිනේ කිසිදු ඉන්ධන හිගයක් නොමැති අතර අති  විශාල ඉන්ධන තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සතුව පවති. කිසියම් අයෙක් ඉන්ධන සගවා තබා ගනිමින්, ඉන්ධන හිගයක් මවා පෑමට කටයුතු කරන්නේනම් ඔවුන්ගේ ඉන්ධන බලපත‍්‍රය වහාම අහෝසි කරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ නිළධාරින්ට උපදෙස් දුන්නේය.
එමෙන්ම ඉන්ධන හිගයක් පිළිබදව අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත් කිසිදු හිගයකින් තොරව ඉන්ධන ලබා දීමට අවශ්‍ය තොග ලංකා  ඛණිජ තෙල් සංස්ථාව සතුව පවති


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot