පාර්ලිමේන්තුව කැඳවන්න - කර්මාන්තකරුවන්ට පොලි රහිත ණයක් දෙන්න.
කොරෝනා අවදානම හදිසි තත්ත්වයක් සේ සලකා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළා. ව්‍යවස්ථානුකූලව ඒ සඳහා අයිතියක් ඇති බවයි ඔහු අද මාධ්‍ය හමුවක් කැඳවමින් පැවැසුවේ.
එමෙන්ම චීන ජාතිකයින් පරීක්ෂා නොකිරීම සඳහා වූ විද්‍යාත්මක පදනම කුමන්දැයි හිටපු විපක්ෂ නායකවරයා රජයෙන් ප්‍රශ්න කළා. විදෙස් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් පරීක්ෂා කිරීමටත් චීන ජාතිකයින් නිරෝධායන ක්‍රියාවලියට යොමු නොකිරීමත් යන කාරණා සම්බන්ධයෙන් ජනතාව මවිතයට පත්ව සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවා.
එමෙන්ම කොරෝනා අවදානම හමුවේ කර්මාන්ත කඩා වැටීමේ අවදානමක් මතුව තිබෙන බවද පෙන්වා දුන් ප්‍රේමදාස මහතා රජය වෙත අවධාරණය කර සිටියේ එම කර්මාන්ත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වහාම පොලී රහිත ණය වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙසයි.
No comments:
Post a Comment