කොරෝනා අවදානමක් වුනත් මැතිවරණය කල්දාන්න බෑ.
කොරෝනා අවදානම හමුවේ ඇති වී තිබෙන ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව මහින්ද දේශප්‍රිය මහතා අද බදුල්ලේ පැවැති තවත් උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළා. ඡන්දය පැවැත්වීමට නම් ජනතාව ආරක්ෂාකාරීව සිටිය යුතු බවයි ඔහු එහිදී අවධාරණය කළේ.
එමෙන්ම මෙහිදී මහින්ද දේශප්‍රිය මහතා පැවැසු තවත් කාරණයක් වන්නේ කොරෝනා තත්ත්වය හේතුවෙන් කිසිසේත්ම පාර්ලිමේන්තු මැතිවරණය කල් නොදමන බවයි. එවැනි අවශ්‍යතාවක් නොමැති බව තමාගේ විශ්වාසය බවත්, එබැවින් සැලසුම් කළ පරිදි පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවත් දේශප්‍රිය මහතා මෙහිදී පැවැසුවා.
No comments:
Post a Comment