උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

බඩ ඉරිඟු තොග සඟවා මිල නංවන උත්සාහය ගැන වහා පරීක්ෂණ .

බඩ ඉරිඟු තොග සඟවා මිල නංවන උත්සාහය
ගැන
වහා පරීක්ෂණ ..

ප්‍රමාණවත් තරම් බඩ ඉරිඟු තොග තිබියදී කෘත්‍රීම බඩ ඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ
උත්සාහය පිළිබඳව වහා පරීක්ෂණයක් කරන්නැයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර
මහතා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස් දෙයි.
බඩ ඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතරමැදියන් මේ ප්‍රයත්නය පිටුපස සිටින බව
හෙළි වී තිබේ. ඔවුන්ගේ අරමුණ නැති හිඟයක් නිර්මාණය කොට ළඟ එන උත්සව සමයේ කුකුළු මස්
මිල ඉහළ දැමීම බවට තොරතුරු ලැබී ඇත.
ගොවියාත්, පාරිභෝගිකයාත් රැක ගැනීම සඳහා මේ කූට ප්‍රයත්නය පරාජය කළ යුතු බව
ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අද (11) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක
දී අවධාරණය කෙරිණ. බඩ ඉරිඟු ගොවි සංගම් නියෝජිතයෝ හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ
පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීහු ඊට එක්ව සිටියහ.
මෙවර අක්කර 70,000ක බඩ ඉරිඟු වගා කර තිබිණ. ඉන් ලැබුණු අස්වැන්න මෙ.ටො ලක්ෂ තුනකි.
එය වෙළෙඳපළට පැමිණ නැත. බඩ ඉරිඟු කිලෝවක් සඳහා ගොවීනට ගෙවිය යුතු අවම මිල රුපියල්
50කි. උපරිම අළෙවි මිල කිලෝවකට රුපියල් 55ක් ලෙස නියම කර තිබේ.
බඩ ඉරිඟු වගාව සංවර්ධනය කරමින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්ෂා කිරීමට රජය විධිමත්
වැඩපිළිවෙළක් සකස් කර ඇත. බඩ ඉරිඟු ආනයනය පසුගියදා නතර කරනු ලැබීය. ඉදිරියටත් ආනයනය
නොකෙරේ. කෘෂිකර්ම අමාත්‍යාංශය හඳුනාගෙන ඇති සියලු ඉඩම්වල බඩ ඉරිඟු වගා කිරීමට රජය
සැලසුම් කර ඇත. වාර්ෂික ඉඩ ඉරිඟු නිෂ්පාදනය මෙ.ටො ලක්ෂ 08 දක්වා නැංවීමට අපේක්ෂා කෙරේ.
මහා පරිමාණ වගාකරුවනට රාජ්‍ය බැංකුවලින් ණය පහසුකම් සැපයේ.
ළඟ එන උත්සව සමයේ දී කුකුළු මස් කිලෝවක උපරිම මිල රුපියල් 430ක මට්ටමේ පවත්වා ගැනීමට
ද රජය තීරණය කර ඇත.
සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළු වාර්ෂික බඩ ඉරිඟු අවශ්‍යතාව මෙ.ටො 4,50,000 කි. 2018 වර්ෂයේ
දී මෙ.ටො 133,128ක් ආනයනය කරනු ලැබීය. වැය කළ මුදල රුපියල් මිලියන 6,718කි. පසුගිය
වර්ෂයේ ඔක්තෝබර් දක්වා මෙ.ටො 87,109 ආනයනය කළ අතර වැය කළ මුදල රුපියල් මිලියන
4,846ක් බව සාකච්ඡාවේ දී හෙළි විය.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot