උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 11 March 2020

නාමයෝජනා හෙට - තැපැල් ඡන්දය අප්‍රේල් මුල.


නාමයෝජනා හෙට -  තැපැල් ඡන්දය අප්‍රේල් මුල.


මහ මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම හෙට දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදී ආරම්භ කිරීමට නියමිතයි. නාමයෝජනා බාරගැනීම ලබන 19 වැනිදා දක්වා සිදුකෙරෙන බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවැසුවේ. එමෙන්ම නාමයෝජනා භාර ගැනීමේ කාලවකවානුව තුළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලටත්, මැතිවරනයට අදාල සෙසු ආයතන පරිශ්‍රයන් වෙතත් විශේෂ ආරක්‍ෂාවක් සැපැයීමට නියමිත බවද මැතිවරණ කොමිෂම පැවැසුවා.

එමෙන්ම මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම අප්‍රේල් 8, 9 සහ 10 දිනවල සිදුකිරීමට නියමිතයි. මැතිවරණ කොමිෂම පැවැසුවේ තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්පත් බාරගැනීම ලබන 16 වැනිදායින් අවසන් කරන බවයි. එමෙන්ම කිසිදු හේතුවක් මත එම කාලය දීර්ඝ නොකරන බවද මැතිවරණ කොමිෂම පවසනවා

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot