උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 18 March 2020

මුඛ ආවරණ හිඟයට ලබන සතියේ විසදුම් - විෂබීජ නාශකවලට බදුසහන.



මුඛ ආවරණ සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇත්නම් ඒ සියළු ගැටළු ලබන සතිය තුළ නිමාවට පත්වනු ඇති බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මුඛ ආවරණවල බරපතල හිඟයක් පවතින බවට වූ වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු මේ බව කියා සිටියා.

මේ අතර ආනයනික මුඛ ආවරණ සහ ආනයනික විෂබීජ නාශක සඳහා මෙතෙක් අය කෙරුණු තීරු බද්ද සහ අනෙකුත් බදු අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා මෙම නියෝග වහාම ක්‍රියාත්මක කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල අංශ වෙත උපදෙස් ලබාදී තිබෙන්නේ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot