උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

දෙමළ ජාතික සන්ධානය වන්නි මැතිවරණ කොට්ඨාශයේ ලැයිස්තුව නම් කරයි

දෙමළ ජාතික සන්ධානය වන්නි මැතිවරණ කොට්ඨාශයේ

ලැයිස්තුව නම් කරයි.

වවුනියාව - මාධව කුලසූරිය.
එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වන්නි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන්
තරඟ කරන කණ්ඩායම දෙමළ ජාතික සන්ධානය විසින් නම් කොට ඇති බව සන්ධානයේ
සාමාජිකයින් පවසයි.
දෙමළ ජාතික සන්ධාන සාමාජිකයින් පැවසූවේ ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය,ටෙලෝ
සංවිධානය හා ප්ලොට් සංවිධානයෙන් සමන්විත දෙමළ ජාතික සන්ධානය වන්නි
මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් නම දෙනෙකුගෙන් යුතු සිය කණ්ඩායම නම් කොට ඇති
බවයි.
වවුනියාව,මන්නාරම හා මුලතිව් දිස්ත්‍රික්කයෙන් සමන්විත වන්නි මැතිවරණ
කොට්ටඨාශය වෙනුවෙන් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයෙන් හිටපු පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන් වන චාර්ල්ස් නිර්මලනාදන් මහතා,ශිවප්‍රකාශම් ශිවමෝහන් මහතා,ශාන්ති
ස්කන්ධරාජා මහත්මිය හා හිටපු උතුරු පළාත් සභා සෞඛ්‍ය අමාත්‍ය පද්මනාදන්
සත්‍යලිංගම් මහතා නම් කොට ඇති බවද පක්ෂ නියෝජිතයින් පැවසීය.
ටෙලෝ පක්ෂය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ පක්ෂ නායක සෙල්වම්
අඩෙක්කලනාදන් මහතා,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන විනෝ නෝහදාරලිංගම්
මහතා හා හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී සෙල්දිල්නාදන් මයුරන් මහතා නම්කොට
තිබිණ.

ප්ලොට් සංවිධානය වෙනුවෙන් හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ජි.ටි .ලිංගනාදන් මහතා
හා පක්ෂයේ උප සභාපතිවරයෙකු වන කන්දයියා ශිවලිංගම් මහතා නම් කොට ඇති බවයි
දෙමළ ජාතික සන්ධානය පැවසූවේ .
වන්නි මැතිවරණ කොට්ඨාශය වෙනුවෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් හය දෙනෙකු තෝරා
පත් කර ගැනීමට නියමිතය.
පසුගියවර පාර්ලිමේන්තු මැතිවරණයේදී වන්නි මැතිවරණ කොට්ඨාශයෙන් දෙමළ ජාතික
සන්ධානය වෙත ආසන හතරක්ද,රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරන සමස්ත ලංකා
මහජන කොංග්‍රසය වෙත එක් ආසනයක් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත ආසනයක්
බෙදී ගොස් තිබිණ.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot