උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

සෙට්ටිකුලමේ අනතුරකින් දස දෙනෙකුට තුවාල.

දස දෙනෙකුට තුවාල.


මැදවච්චිය, මන්නාරම මාර්ගයේ වවුනියාව නේරියකුලම දේශයේදී පෞද්ගලික
බස්රථයක් හා ලංගම බස්රථයක් එකිනෙක ගැටී පුද්ගලයින් දසදෙනකු තුවාල ලබා
අද(12) උදැසන රෝහල් ගතකල බව සෙට්ටිකුලම පොලිසිය පවසයි.
කොළඹ සිට මන්නාරම දක්වා ධාවනයවූ පෞද්ගලික බස්රථය සෙට්ටිකුලම සිට
වවුනියාව දක්වා ගමන්ගත් ලංගම බස්රථයේ මුහුණට මුහුණ ගැටී ඇති අතර
අනතුරින් ලංගම බස්රථය පෙරලීගොස් ඇතැයිද පොලිසිය සඳහන් කළේය.
තුවාල ලැබූවන් මාර්ගයේ ගමන්ගත් පිරිසගේ සහයෝගය මත සෙට්ටිකුලම රෝහලට
ඇතුළත් කොට ඇති අතර ඉන් බරපතල තත්වයේ සිටි තිදෙනකු වවුනියාව
මහරෝහල වෙත මාරුකොට යැවූ බවද පොලිසිය පැවසීය.
තුවාල ලබා සෙට්ටිකුලම රෝහලට ඇතුළත්කළ පිරිසගේ තත්වය පරපතල නොවන
බවත් පැවසීය.
සෙට්ටිකුලම පොලිසිය පැවසූයේ බස්රථ දෙකෙහි අධික වේගය හේතුවෙන් අනතුර
සිදුව ඇති බවත්, පෞද්ගලික බස්රථ රියදුරු හා ලංගම බස්රථ රියදුරු අනතුර
සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්ය.

2
සෙට්ටිකුලම රථවාහන පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot