විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු වවුනියාව යුධ හමුදා කදවුරුවලට.
වවුනියාව - මාධව කුලසූරිය.
විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයින් 213 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන්
වවුනියාව පම්පමඩුව යුධ හමුදා කදවුරක් වෙත ඊයේ(13) සවස රැගෙන එනු ලැබිණ.
යුධ හමුදා ආරක්ෂාව යටතේ අදාළ පිරිස පම්පමඩුව යුධ හමුදා කදවුර වෙත රැගෙන එනු
ලැබු බව ප්රදේශවාසීන් පවසති.
බස් රථ හයකින් අදාළ පිරිස වවුනියාව යුධ හමුදා කදවුරක් වෙත රැගෙන එනු ලැබු අතර,
නිරෝධායනය වෙනුවෙන් අදාළ පිරිස රැගෙන ඒමත් සමඟ වවුනියාව ප්රදේශවාසීන් දැඩි
ලෙස නොසන්සුන්වි සිටිති.
වවුනියාව ප්ර දේශවාසීන් පවසන්නේ ජනතාව බහුල ප්රදේශයක් වෙත අදාළ පිරිස් කිසිදු
දැනුම්දීමකින් තොරව රැගෙනවිත් ඇති බවයි.
No comments:
Post a Comment