විදුහල්පතිවරුන්ට විශේෂ නිවේදනයක්
සරසවි ප්‍රවේශ අයදුම් සහතික කිරිම තැපැල් ඡන්ද සහ මැතිවරණ රාජකාරී සදහා අයදුම් කිරිම වෙනුවෙන් පාසල් තුළ අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම් දුන්නා.
2019/2020 අධ්‍යයන වර්ෂය සදහා සරසවි ප්‍රවේශ අයදුම්පත් භාරගැනීම ලබන 26 වනදායින් අවසන් වීමටයි නියමිත. ඊට පෙර පාසල් අයදුම්කරුවන් තම අයදුම්පත් විදුහල්පතිවරයා ලවා සහතික කරගත යුතු වනවා. එහෙත් පාසල් නිවාඩුව මේවන විට ආරම්භවී ඇති බැවින් අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනට පෙර ඒවා සහතික කිරිමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි විදුහල්පතිවරුන්ට දැනුම් දෙන්නේ.
මහ මැතිවරණ රාජකාරී සදහා සහභාගී වන අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල නිලධාරින් වෙත ඊට අදාල අයදුම්පත් සම්පුර්ණ කිරිමට අවශ්‍ය පසුබිම සැලසිය යුතු වනවා.
එමෙන්ම තැපැල් ඡන්ද අයදුම්කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමටද විධිවිධාන යොදන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින්නේ.
No comments:
Post a Comment