කොරෝනා මරණ සංඛ්‍යාව 5436ක් දක්වා ඉහළට
කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 5436 ක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ආසාදිතයින්ගේ සංඛ්‍යාව එක්ලක්ෂ හතලිස් පන්දහස් අටසිය දහඅටක්. සුව වූ සංඛ්‍යාව 72531ක්. මේ වන විට ලොව පුරා රටවල් 145 ක වෛරසය ව්‍යාප්තව පවතිනවා. චීනය හැරුණුවිට කොවිඩ් නයින්ටීන් වෛරසයේ නවතම කේන්ද්‍රස්ථානය යුරෝපය බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජෙනරාල් ඩෙට්රෝස් ගෙබ්රේසියස් දෛනිකව පවත්වන මාධ්‍ය හමුවේදි නිවේදනය කළා.
යුරෝපා කලාපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්.
No comments:
Post a Comment