කොරෝනා අසාධිතයින් ගණන 08 ක් වෙයි.
තවත් කොරෝනා අසාධිතයෙකු හමුවූ බව මීට සුළු මොහොතකට පෙර සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළා. ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් ගණන 08 ක්. අද පස්වරුවේ හදුනාගත් රෝගියාද ඉතාලියේ සිටි පැමිණ කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි අයෙක්.
නව කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම සහ එහි වත්මන් තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවැත්වුණු මාධ්‍ය හමුවකදී සෞඛ්‍ය බලධාරීන් අද මේ බව නිවේදනය කළා. එහිදී අදහස් දැක්වු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ අලුතින් වාර්තා වු රෝගීන් දෙදෙනා ද ඉතාලියේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි. එක් අයෙකු කන්දකාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ රදවා සිටි අයෙකු වන අතර, අද දිනයේදී හදුනාගත් අනෙක් ආසාධිතයා නිරෝධායන වැඩපිළිවෙල ආරම්භ වීමට පෙර ඉතාලියේ සිට මෙරටට පැමිණි අයෙකු බවද අනාවරණ වී තිබෙනවා.
මේ අතර මුලින් තහවුරු කර ගත් මාර්ගෝපදේශකයින් දෙදෙනාට අමතරව ඊයේ දිනයේදි වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු කර ගත් පුද්ගලයින් තිදෙනෙකුද වාර්තා වුණා. මෑතකදි ජර්මනියේ සංචාරය කර මෙරටට පැමිණි 41 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ ඉතාලියේ සිට පසුගිය 11 දා මෙරටට පැමිණ කන්දකාඩු නිරෝධානය මධ්‍යස්ථානයේ රදවා සිටි දෙදෙනකු මෙලෙස කොරෝනා ආසාධීතයින් ලෙස හදුනාගෙන තිබෙනවා.
No comments:
Post a Comment