උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 14 March 2020

මහජන රැස්වීම් තහනම් - කොරෝනා පැරදීමට රටේම සහය ඉල්ලයි.


මහජන රැස්වීම් තහනම් - කොරෝනා පැරදීමට රටේම සහය ඉල්ලයි.

විශාල වශයෙන් ජනතාව රැස්වන උත්සව පැවැත්වීම තහනම් කිරීමටද රජය පියවර ගෙන තිබෙනවා. කොරෝනා පැතිර යාමේ ප්‍රධානතම ක්‍රමවේදය ලෙස හදුනාගෙන ඇත්තේ මිනිසුන් බහුලව ගැවසෙන ස්ථාන හරහා අදාල වෛරසය පුද්ගලයකුගෙන් තවත් පුද්ගලයකුට සම්ප්‍රේෂණය වීමයි. කොරෝනා වෛරසය සාර්ථකව පාලනය කළ බොහෝමයක් රටවල් අනුගමනය කර ඇති විශේෂ ක්‍රියාමාර්ගයක් වන්නේ පොදු ස්ථානවල සෙනග එක්රොක් වීම අවම තත්ත්වයකට පත්කිරීමයි. රෝගය අධික ලෙස පැතිර ගිය රටවල්වලට අනුව පසුබට නොවී ඉතා ඉක්මනින් මෙම තීරණයට යොමුවීම වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

මේ වන විට කොරෝනා බවට සැක කෙරෙන පුද්ගලයින් 103 කු රෝහල් කිහිපයකට ඇතුලත් කර තිබෙනවා. එමෙන්ම මේ දක්වා රෝගීන් 07 කු වාර්තා වී ඇතත් එය රෝගය පැතිරී යාමේ අවදානම් තත්ත්වයක් නොවන බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවැසුවා.

එමෙන්ම ලොව පුරා කොරෝනා රෝගීන් එක්ලක්‍ෂ හතලිස් හයදහස් පස්දෙනෙකු වාර්තා වි ඇති අතර, ඒ අතරින් හැත්තෑ තුන්දහසක් සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා. මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 5440 ක් දක්වා ඉහළ ගොස් ඇතැයිද ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා පවසනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot