උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගේ සොයුරු රිෂාඩ් බදියුදීන්ගේ අප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් ගේ සොයුරු රිෂාඩ් බදියුදීන්ගේ අප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි


තලෙයි මන්නාරම ප්‍රදේශයේ පිහිටි රුපියල් මිලියන විසි හතරක් පමණ වටිනා අක්කර 40 ක පමණ ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා අත්පත් කර ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද
 හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරෙකු වන උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රිෆ්කාන් බදියුදීන් මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු විසින් කරන ලද ඉල්ලීමක්  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කළා.

එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර රිෆ්කාන් බදියුදීන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා ඇප ඉල්ලීම ඉදිරිපත් කළා.

ඊට පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන්  අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ මංජු ශ්‍රී චන්ද්‍රසේන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු විධිමත්ව ආරම්භ වූයේ ඉකුත් ජනාධිපතිවරණයෙන් පසුව බව සඳහන් කළා.

ජනාධිපතිවරණයට පෙර මෙම නඩුවේ සැකකරුවන් හඳුනාගෙන තිබූණ ද  රහස් පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට නොගත් බව පෙන්වා දුන් නීතිඥවරයා දේශපාලන බලපෑම් හේතුවෙන් එවැනි තත්ත්වයක් උද්ගත වූ බවයි කියා සිටියේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ තම සේවාදායකයාට ඉකුත්දා දුරකථන මගින් තර්ජන එල්ල වී තිබෙන බව සඳහන් කළ නිතිඥ චන්ද්‍රසේන මහතා මේ පිළිබඳව ඔහු රහස් පොලිසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබෙන බවද පැවසුවා.

මේ පිළිබඳව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විමසූ අවස්ථාවේදී රහස් පොලිසිය අධිකරණයට දන්වා සිටියේ එවැනි පැමිණිල්ලක් ලැබී තිබෙන බවත් ඒ අනුව දුරකථන විස්තර ඇමතුම් වාර්තා ලබාගෙන පරීක්ෂණ සිදු කරන බව දන්වා සිටියා.

මෙම වාතාවරනය මත සැකකරුට ඇප ලබා දුනහොත් පරීක්ෂණවලට මෙන්ම සාක්ෂිකරුවන්ට ද බලපෑම් සිදුවිය හැකි බැවින් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙසද පැමිණිලිකාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට ඉල්ලීම් කළා.

එහෙත් එම චෝදනා ප්‍රතික්ෂේප කළ විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා තම සේවාදායකයා කිසිදු පුද්ගලයෙකුට තර්ජනයක් කිරීමක් නොකළ බව සඳහන් කළා.

 එමනිසා ඔහු තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබා ගැනීමට තරම් සාධාරණ කරුණු ඇප පනත යටතේ ඉදිරිපත් වී නොමැති හෙයින්  ඔහු ඇප මත මුදා හරින ලෙස ද ජනාධිපති නීතිඥ ඉන්ද්‍රතිස්ස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියා.

 දෙපාර්ශවය කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ මෙම අවස්ථාවේ විමර්ශන කටයුතු සිදු වෙන හෙයින් සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවීමට ඉඩකඩ පවතින බවයි.

ඒ අනුව සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඔහු ලබන 20 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන බව ද  මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot