උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි

සිංගප්පූරු - ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට එරෙහි පෙත්සම් විභාගය කල් යයි


පසුගිය රජය සමයේ අත්සන් කරන ලද සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

සිංගප්පූරු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ඇතුළු පාර්ශව අටක් ඉදිරිපත් කළ පෙත්සම් අද විජිත් මළල්ගොඩ, එල්ල. ටී.බී. දෙහිදෙනිය සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ
විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ එන්. විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව රජය යළි කරුණු අධ්‍යයනය කිරීමක් සිදුකරන බව දැනුම් දුන්නා.

ඒ අනුව අදාළ පෙත්සම් ජූලි මස 13 වනදා යළි කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස ජේෂ්ඨ රජයේ නීතිඥවරයාට නියම කළා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් රජය සමයේ සිංගප්පූරුව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ නිදහස් වෙළඳ ගිවිසුම ආණ්ඩුකම ව්‍යවස්ථාවට පටහැනි ආකාරයෙන් අත්සන් කර තිබෙන බවයි.

එම ගිවිසුම අත්සන් කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අනුමැතියක් ද ලබාගෙන නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ තුළින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන  හෙයින් එය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot