උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

ලෝක බැංකුවේ සහය අඛණ්ඩව.

ලෝක බැංකුවේ සහය අඛණ්ඩව.

ලෝක බැංකුවේ දකුණු ආසියානු කාලපීය උප සභාපති හාට්විග් ෂේෆර් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ හොඳම මානව සංවර්ධන දර්ශක සහිත ඉහල මධ්‍යම ආදායම් ලබන රටක් බවයි.

ශ්‍රී ලංකාවේ සිව් දින සංචාරයක නිරත වූ ඒ  මහතා  සිය සංචාරය නිමා කරමින් මෙම අදහස් පල කර  තිබෙනවා .

ඔහු මෙම සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මහ බැංකු අධිපති ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සාකච්ඡා පවත්වා ඇති බව සඳහන්.

නව දේශිය උපායමාර්ගය සකස් කිරිමේදී හා සංවර්ධන හවුල්කරුවන් ලෙස සහයෝගිතාවය ලබාදීමේ දී රජය සමඟ සමීපව කටයුතු කිරිමට බලාපොරොත්තු වන බව ද   ලෝක බැංකුවේ දකුණු ආසියානු කාලපීය උප සභාපති වරයා  පවසනවා .

 මේ හිදී සිය සංචාරයේදී රජයේ ප්‍රධාන ප්‍රමුඛතා වන මානව හා භෞතික ප්‍රාග්ධනය සඳහා ආයෝජනය කිරිම, රාජ්‍ය අංශයේ ප්‍රතිසංස්කරණ, තරුණ තරුණියන් සඳහා පුහුණු රැකියා උත්පාදනය කිරිම සහ වේගයෙන් වයස්ගත වන ජනගහනයක සෞඛ්‍ය අවශ්‍යතා සඳහා ප්‍රතිචාර දැක්වීම වැනි කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි  වාර්තාවන්නේ .





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot