උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

දරු පවුල් 05 දී සිට මාරාන්තික උපවාසයක් අරමභ කර ඇත. සිගිරිය පදික වෙළදුන්ගේ සංගමයේ සභාපති ධනුක උදයන්ග මහතා

දරු
පවුල් 05 දී සිට මාරාන්තික උපවාසයක් අරමභ කර ඇත.
සිගිරිය පදික වෙළදුන්ගේ සංගමයේ සභාපති ධනුක උදයන්ග මහතා


සිගිරිය නව නගරයේ සෙනරත් පරණවිතාන සියවස් මාර්ගය දෙපස
පදික වේදිකාවේ වෙළදාම් කටයුතු කල පුදගලයින්ගේ වෙළදාම් කටයුතු
දෙසතියක පමණ කාලයක් සිට තහනම් කර ඇති බවත් තම දරු
පවුල්වලට ජීවත්වීමට මාර්ගයක් නොමැති බව පවසමින් එම් දරු
පවුල් 05 දී සිට මාරාන්තික උපවාසයක් අරමභ කර ඇත.
සිගිරිය පදික වෙළදුන්ගේ සංගමයේ සභාපති ධනුක උදයන්ග මහතා
කියා සිටියේ 2002 වසරේ සිට පවුල් 30 ක් පමණ සති අන්ත හා
උත්සව සමයන්හි මාර්ගය දෙපස පලතුරු වර් අලෙවි කරමින් තම
දරු පවුල් ජිවත් කල බවත් මිට සති දෙකකට පෙර පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව හා මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් කල
දැනුම්දීමක් මත තම වෙළඳසැල් ඉවත් කරගත් බවත් වෙළදාම්
කටයුතු කරගෙනයාමට සුදුසු වැඩ පිළිවෙලක් සකස් කරදෙන ලෙස
පැවසුවත් මෙතෙක් ඒ සදහා සුදුසු විකල්පයක් සකස් කර නුදුන්
බවත් මේ පිලිබදව ජනාධිපතිවරයා ඇතුළු වගකිවයුතු අංශ වෙත
ලිඛිත දැනුම් දී ති බව කියා සිටියේය.
කිසිම් වගකිවයුතු අංශයක් තම දරු පවුල් වැටි ඇති අසරණභාවයට
පිළියම් ලබාදීමට අපොහොසත්වීම නිසා මෙම මාරාන්තික උපවාසය
විසදුමක් ලැබෙනතුරු අඛණ්ඩව කරගෙනයන බව පැවසිය.
මේ පිලිබදව මාධ්‍යක් පළාත් සහකාර පුරාවිද්‍යා කොමසාරිස්
ඒ,දිසානායක මහත්ගෙන් දුරකතනයෙන් කල විමසුමකදී කියා සිටියේ
පුරාවිද්‍යා දෙපාර්තමේනතුවට අයත් යාර 400 සිමාව තුල මෙම වෙළදාම්
කටයුතු කරගෙන ගිය බවත් දැනට මාස කීපයක සිට දේශීය
සංචාරකයින් සිගිරිය ගලට ප්‍රවේශවන සෙනරත් පරණවිතාන මාර්ගය
දෙපස සංචාරකයින්ට දැඩිලෙස බාධාවන අයුරින් වෙළදාම් කටයුතු
කරන බවට පැමිණිලි ලැබුණු බවත් සිගිරිය නව නගරයේ වෙළඳ

සංගමය හා සිගිරිය විහාරාධිපති හිමියන්ද මේ පිලිබදව කරතිබූ
පැමිණිලි මත ඉකුත් දෙසැම්බර මාසයේසීගිරියේ සියලු රාජ්‍ය ආයතන
සම්බන්ධීකරණය කල රැස්වීමකදී මේ පිලිබදව සාකච්චා කල බවත්
එහිදී මෙම මාර්ගය දෙපස වෙළදාම් කටයුතු කරන සියලු වෙළදුන්ට
ඉවත්වීමට දැනුම්දුන් බව පැවසිය.
මධ්‍යම පළාත් පුරාවිද්‍යා කොමසාරිස් දිසානායක මහතාගේ හා පදික
වෙළදුන්ගේ සංගමයේ සභාපතිගේ හඬ පට ඒවා ඇත.










No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot