උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

කිලිනොච්චියේ කළු පටි බැඳගෙන කළු කොඩි ඔසවා විරෝධතාවයක්.

කිලිනොච්චියේ කළු පටි බැඳගෙන කළු කොඩි ඔසවා
විරෝධතාවයක්.


අතුරුදහන්වූවන් සොයාදෙන ලෙසට රජයට බල කරමින් කිලිනොච්චිය දිස්ත්‍රික්
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් කළුපටි බැඳගෙන ,කළු කොඩි ඔසවා ඊයේ(04) කිලිනොච්චිය
කන්දසාමි කෝවිල ඉදිරිපිට විරෝධතාවයක නිරතවිණ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ 72 වන නිදහස් දිනය සැමරීමට රජය කටයුතු කළද,
තමන්ට තමන්ගේ දරුවන් හා ඥාතීන් අතුරුදහන්ව ඇති අවස්ථාවක නිදහස සැමරීමට
හැකියාවක් නොමැති බවයි.
අතුරුදහන්වූවන්‍ සොයාදෙන බවට හා අතුරුදහන්වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න
සම්බන්ධයෙන් රජය අවස්ථා ගණනාවකවදී පොරොන්දු ලබාදුන්නද අදාළ පොරොන්දු
මෙතෙක් ඉටු නොවීම කණගාටුවට කරුණක් වන බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූහ.
අතුරුදහන්වූවන්ගේ ඥාතීන් පැවසූවේ රටට නිදහසක් ලැබී ඇතත් තමන්ට තමන්ගේ ඥාතීන්
නොමැතිව නිදහස සැමරීමට හැකියාවක් නොමැති බවයි.
යුධ සමයේ අතුරුදහන්වූවන් සොයාදීමට රජය කටයුතු කළ යුතුඅතර, අතුරුදහන්වූවන්
සොයාදෙන ලෙසට ඉල්ලා තමන් අවුරුදු තුනකට වැඩි කාලයක් උපවාසයේ නිරතවුවද රජය
තමන්ගේ ගැටළුව වෙනුවෙන් නිසි අවධානයක් යොමුකොට නොමැති බවයි.
අතුරුදහන්වූවන්ට සිදුවුයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් රජය වහාම නිසි පිළිතුරක්
ලබාදිය යුතු බවද අදාළ පිරිස ඉල්ලා සිටියහ.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot