උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

වී ගන්නේ අඩු මිලට - මෝල් හිමියන්ට ගොවීන්ගෙන් චෝදනා.


වී ගන්නේ අඩු මිලට -  මෝල් හිමියන්ට ගොවීන්ගෙන් චෝදනා.

මහ කන්නයේ ගොවීන්ගේ වී මිල පහළ හෙළීමේ උපක්‍රමයක් ලෙස පෞද්ගලික මෝල් හිමියන් වී මිලදී ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බවට තොරතුරු වාර්තා වනවා. වී කිලෝව රුපියල් 30 ත් 35 ත් අතර මිලකට ලබා ගැනීමේ කූඨ උපායක් ලෙස වී මෝල් හිමියන් මෙලෙස හැසිරෙන බවයි ගොවීන් පවසන්නේ.  

වියළි වී කිලෝවක් රුපියල් 50 ක හා තෙත වී කිලෝවක් රුපියල් 45 ට මිලදී ගත යුතු බවටයි රජය නියම කර තිබෙන්නේ. කෙසේ වෙතත් ගොවි ජනතාව හා ගොවි සංගම් පෙන්වා දෙන්නේ වී මෝල් හිමියන් විසින් එම මිල ගණන් යටතේ වී මිලදී නොගන්නා බවයි. වී අලෙවි මණ්ඩලයද මේ වන විට අස්වනු නෙළන කුරුණෑගල, මඩකලපුව, අම්පාර, උතුරු පළාතේ අලෙවිසැල් විවෘත නොකිරීමද ගොවි ජනතාව මුහුණ දී සිටින තවත් බරපතල ගැටළුවක්.

කෙසේ වෙතත් රජයේ පාලන මිල ගැසට් නිවේදනයක් මඟින ප්‍රකාශයට පත් නොකිරීමද වී මෝල් හිමියන්ගේ වාසියට හේතු වී ඇති තවත් කාරණයක් බවද ගොවි සංගම් පෙන්වා දෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot