උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 9 February 2020

සිසුවියන් නිරුවත් කළ යාපනයේ නවක වදය - දෙපැත්තකින් පරීක්‍ෂණ ඇරඹෙයි.


සිසුවියන් නිරුවත් කළ යාපනයේ නවක වදය - දෙපැත්තකින් පරීක්‍ෂණ ඇරඹෙයි.

යාපනය විශ්විද්‍යාලයේ කිලිනොච්චි තාක්‍ෂණ පීඨයේ නවක සිසුවියන් නිරුවත් කොට ඔවුන්ගේ ඡායාරූප ඉල්ලා සිටි ජේෂ්ඨ සිසුන්ට එරෙහිව නවක වදය සම්බන්ධයෙන් බලාත්මක කර ඇති පනතේ විධි විධානවලට අනුව පියවර ගන්නැයි අදාල අංශ වෙත උපදෙස් ලබාදුන් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා. මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී එම කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ අදාල සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පරීක්‍ෂණ දෙකක් ආරම්භ වී ඇති බවයි. එක් පරීක්‍ෂණයක් ක්‍රියාත්මක වන්නේ යාපනය විශ්වවිද්‍යාල බලධාරීන් යටතේයී. අනෙක් පරීක්‍ෂණය පොලිසිය විසින් සිදු කරන බව සභාපතිවරයා පැවැසුවා.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ අවදානය යොමු කර ඇති බවයි. මෙවැනි දේ කිසි සේත්ම සිදු නොවිය යුතු බවත්, විද්‍යාර්ථීන් ලෙස හැදින්වෙන සරසවි සිසුන්ගෙන් මෙවැනි දෙයක් බලාපොරොත්තු නොවන බවත් ඔහු අවධාරණය කළා.

නවක වදයට අදාලව ක්‍රියාත්මක වීම සඳහා විශේෂ පනතක් මඟින් බලය ඇති බැවින් ඒ නීති නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු යැයිද පොලිසිය මේ සඳහා මැදිහත්වීම ඉතා වැදගත් කාරණයක් බවද අවදාරණය කළ සම්පත් අමරතුංග මහතා පෙන්වා දුන්නේ වරදකරුවන්ට නවක වද පනත යටතේ මෙන්ම රටේ නීතියට අනුවත් දඩුවම් ලබාදිය යුතු බවයි. නවක වදය සරසවි පද්ධතියෙන් තුරන් කළ හැකි වන්නේ එවැනි ක්‍රියාත්මක වීමකින් පමණක් යැයිද ඔහු අවධාරණය කළා.

නවක සිසුවියන් පිරිසකට නාන කාමර හා වැසිකිළි වෙත ගොස් නිරුවතින් වීඩියෝ දුරකථන ඇමතුම් ගන්නා ලෙසට පිරිමි සිසුන් පිරිසක් විසින් බලකිරීම ඇතුළු කාරණා කිහිපයක් පිළිබඳ පසුගිය දිනවල තොරතුරු වාර්තා වුණා.  එම සිදුවීම්වලට මුහුණ දුන් සිසුවියන් දැඩි කම්පනයට හා මානසික පීඩාවට පත්ව සිටින බවද පොලිසිය වෙත ඉදිරිපත් වී ඇති පැමිණිලිවල සඳහන්.            



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot