යොවුන් ලෝක කුසලානයේ අවසන් සටන අදයි.
ශ්රී ලංකා පිලේ හිටපු ක්රීඩකයකු වන නවීඞ් නවාස් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණූකරු ලෙස කටයුතු කරන අතර, ඔහු යටතේ බංග්ලාදේශ 19 න් පහළ ක්රිකට් කණ්ඩායම ඉහළ දක්ෂතා පෙන්නුම් කිරීමට සමත්වුණා. එමෙන්ම බංග්ලාදේශ යොවුන් පිල යොවුන් ලෝක කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවද මෙයයි. වසර 32 ක ඉතිහාසයක් ඇති මෙම තරගාවලියේදී ඉන්දියාව හත් වතාවක් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා තිබෙනවා. එමෙන්ම සිව් වතාවක් යොවුන් ලෝක කුසලානය දිනා ගැනීමටද ඉන්දීය යොවුන් පිල සමත්වී ඇති අතර, පසුගිය තරගාවලියේදීද යොවුන් ලෝක කුසලානය දිනා ගත්තේ ඉන්දීය 19 න් පහළ ක්රිකට් කණ්ඩායමයි.
No comments:
Post a Comment