ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය - ඒකීය රටත් කුළ විසදුම් සොයන්න.
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය හා සමෘද්ධිය උදෙසා සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ හයිද්‍රාබාද් හිදී නිල සාකච්ඡා සිදුකරමින්. එමෙන්ම ත්‍රස්ත විරෝධී සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනිම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමෙ දෙරටටම වැදගත් කාරණයක් බවද ඉන්දීය අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටළු සම්බන්ධයෙන් නිසි අවදානය යොමු කිරීම ඉතා වැදගත් බවද එක්සත් ලංකාවක් තුළ එම ගැටළු විසදීම ඉතා වැදගත් බවද ඔහු ප්‍රකාශ කළ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
ඉන්දීය අගමැතිවරයා විසින් ශ්‍රී ලංකා අගමැතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අකාරය ඉන්දීය මාධ්‍ය රැසක් සජීව ලෙස වාර්තා කර තිබුණා. හමුදා උත්තමාචාර සහිතව හිත මිතුරු ලංකාව පිළිගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.
මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා අතර හමුවක්ද අද නවදිල්ලියේ දී පැවැත්වුණා. ඉන්දීය අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමුවී තිබූ අතර, පසුගිය වසර කිහිපය තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් නොකළ එවැනි ව්‍යාපෘති කිහිපයක් සම්බන්ධයෙන්ද අවදානය යොමු වී තිබුණා.
සමස්තයක් ලෙස ගත් කළ ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් පැමිණෙන්නේ ඉන්දියාවෙන් වන අතර 2018 දී එම සංඛ්‍යාව 424887කි. නමුත් 2019 දී එල්ල වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය නිසා මෙම සංචාරක පැමිණීම පහත වැටි තිබෙනවා. පාස්කු ප්‍රහාරය එල්ල වී නොබෝ දිනකින් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදී මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීම ශ්‍රී ලංකාව සංචාරය කිරීමට තරම් සුරක්ෂිත රටක් බව ලෝකයට පැහැදිලි කර දීමට හේතු වූ බවයි ශ්‍රී ලංකා නියෝජිතයින් මෙහිදි පෙන්වා දී තිබුණේ. මේ අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද රාත්‍රියේ ඉන්දීය ජනාධිපතිවරයා සමග සාකච්ඡා සිදු කිරීමට නියමිතයි.
No comments:
Post a Comment