උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 2 February 2020

කොරෝනා අවදානමෙන් ලංකාව සුරක්‍ෂිතයි.


කොරෝනා අවදානමෙන් ලංකාව සුරක්‍ෂිතයි.

කොරෝනා වෛරසයෙන් ශ්‍රී ලංකාවට ඇති වීමට තිබූ බාධා සියල්ල පාලනය කර ඇති බව වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවෙන්  වාර්තා වූ එකම කොරෝනා රෝගියා මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටින බවයි. චීන ජාතික කාන්තාවක වන ඇය මේ වන විට සම්පූර්ණයෙන් සුවය ලබා ඇති බවත්, ඇගේ ජෛව සාම්පලයක් විශේෂ පරික්‍ෂණයක් සඳහා යොමු කර ඇති බවත් වැඩබලන සෞඛ්‍යසේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.   මෙම අවසන් ජෛව සාම්පලයේ ප්‍රතිඵල ධනාත්මක තත්ත්වයේ පවතින්නේනම් අදාල කාන්තාව රෝහලෙන් නිදහස් කිරීමට පියවර ගන්නා බවද එම නිවේදනයේ දැක්වුණා.

මේ අතර දියතලාවට ඇතුළු කරන ලද චීනයෙන් පැමිණි සිසුන්ට තවත් දින 13 ක් එහි රැදී සිටීමට සිදුවන බවත්,  දිනපතා ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කරන බවත් පෙන්වා දෙන වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් ගම්ලත් මහතා අවධාරණය කරන්නේ කිසිදු පුද්ගලයෙකුට රෝගය ආසාදනය වුණු ලකුණු  වාර්තා වී නොමැති බවයි.  ඉදිරි දින 13 තුළද සිදුකරන පරීක්‍ෂණවලින් ලැබෙන ප්‍රතිපල යහපත්නම් ඔවුන්ට නිවෙස් වෙත යාමට අවස්ථාව සැලසීමට නියමිතයි.

මෙම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ කොරෝනා අවදානමක් නොමැති බව පැවැසිය හැකි යැයිද වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot