දේශපාලකයින්, පාතාලය හා ව්‍යාපාරිකයින් කොළඹ තෙත් බිම් වනසයි.
ඉඩම් ගොඩ කිරීම හේතුවෙන් කොළඹ නගරයේ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 600 දක්වා අඩු වී තිබෙන බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. මෑතකදී සිදුකළ සොයා බැලීමකදී අනාවරණ වී තිබෙන්නේ වසර 20 ක් තුළ කොළඹ නගරයේ තෙත්බිම් වර්ග කිලෝමීටර් 400 ක් විවිධ පුද්ගලයින් විසින් අත්පත්කරගෙන ඇති බවයි. අසූව දශකයේදී කොළඹ නගරයේ තිබූ තෙත් බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර් 1000ක් ලෙසයි ගණනය කර තිබුණේ.
ජාත්‍යන්තර රම්සා ප්‍රඥප්තියට අනුව කොළඹ නගරය තෙත් බිම් අග නගරය ලෙස 2017 වර්ෂයේදී ප්‍රකාශයට පත් කර තිබුණා. කොළඹ නගරයේ තෙත් බිම් දාහතක් ඇති අතර මෙම තෙත් බිම්ද විවිධ පුද්ගලයන් විසින් අත්පත්කරගෙන ඇති බව නාගරික සංවර්ධන අමාත්‍යාංශය සිදුකළ සොයා බැලීමේදී අනාවරණ වී තිබෙනවා.
ව්‍යාපාරිකයින්, පාතාල සාමාජිකයින් මෙන්ම දේශපාකයින්ද මෙම තෙත්බිම් අත්පත්කර ගැනීමේ ක්‍රියාවලියට සෘජුව දායක වී ඇතැයිද එහිදී අනාවරණ වී ඇති බවයි අමාත්‍යංශ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
No comments:
Post a Comment