උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday, 2 February 2020

මන්ත්‍රිවරු බහුතරයක් ගැන ජනතාව තුළ ප්‍රසාදයක් නෑ.


මන්ත්‍රිවරු බහුතරයක් ගැන ජනතාව තුළ ප්‍රසාදයක් නෑ.

පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන් කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් අවධාරණය කළා. එබැවින් නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ පුද්ගලයින්ට මන්ත්‍රීධූර හා අපේක්ෂකත්වය ලබා නොදීමට කටයුතු සම්පාදනය කිරීම ඉතා වැදගත් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

“ මාර්තු 12 “ ප්‍රකාශනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් මහනුවර මල්වතු විහාරයට පැමිණි අවස්ථාවේයී මහනාහිමියන් ඉහත කාරණය පැහැදිලි කළේ.

නාම යෝජනා හිමිවන දූෂිත පුද්ගලයන් පවා පාර්ලිමේන්තුවට යැවීමට ඡන්ද දායකයන් කටයුතු කරන බැවින් දූෂිත පුද්ගලයන්ට නාම යෝජනා ලබා නොදීම දේශපාලන පක්‍ෂවල වගකීමක් බවද පෙන්වා දුන් මල්වතු මහ නාහියන් අවධාරණය කර සිටියේ එවැන්නක් දේශපාලන පක්‍ෂවලින් අපේක්‍ෂා කළ නොහැකිනම් ඒ සඳහා බලපෑම් කිරීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම වඩාත් සුදුසු බවයි.

මෙහිදී මාර්තු 12 ව්‍යාපාරයේ නියෝජිතයින් පෙන්වා දුන්නේ මහමැතිවරණය්ක සඳහා අපේක්‍ෂකයින් තෝරා ගැනීමේ දී දේශපාලන පක්‍ෂ විසින් අනුගමනය කළ යුතු පිළිවෙත් මාලාවක් හදුන්වා දුන්නද එය අනුගමනය කරන තත්ත්වයක් නිරීක්‍ෂණය නොවූ බවයි.  දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තුවට පත් නොවිය යුතු බව සිය ව්‍යාපාරයේ මතය බවද මාර්තු 12 නියෝජිතයින් පෙන්වා දුන්නා.

මේ සම්බන්ධයෙන් අවදානය යොමු කරමින් මල්වතු මහනාහිමියන් පෙන්වා දුන්නේ  පවතින මැතිවරණ ක්‍රමය අඩුපාඩුවලින් සමන්විත බවයි. එබැවින් නීති විරෝධී කටයුතු පවා සිදුකළ දූෂිත පුද්ගලයන් පාර්ලිමේන්තු වරම් ලබා ගැනීමට සමත්වන බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot