එල් ටි ටි සංවිධානයේ ලාංජනය සහිත පත්‍රිකා,ව්‍යාජ මුද්‍රාවන්
තොගයක් ළඟ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට.
ආරක්ෂක අංශ යොදාගන්නා ආකාරයට සකසන ලද ව්‍යාජ රබර්
මුද්‍රා , හැදුනුම්පත් කිහිපයක් සමඟ පුද්ගලයකු අද (02)
කිලිනොච්චිය විවේකාන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව
කිලිනොච්චිය පොලිසිය පවසයි.
කිලිනොච්චිය පොලිසිය පැවසූවේ කිලිනොච්චිය විවේකානන්ද
ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු එලෙස අත්අඩංගුවට ගත්
බවයි.
ව්‍යාජ රබර් මුද්‍රා සහ ලිපිලේඛන සකස් කරන පුද්ගලයකු
සම්බන්ධයෙන් කිලිනොච්චිය යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය
බළකා නිළධාරීන් වෙත ලද තොරතුරකට අනුව කිලිනොච්චිය
පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකළ වැටලීමකදී සැකකරුගේ
නිවසෙහි සඟවා තිබූ අදාළ උපකරණ අත්අඩංගුවට ගෙන ඇතැයි
පොලිසිය සඳහන් කළේය.
යුධ හමුදා බුද්ධි අංශය නමින් ව්‍යාජ රබර් මුද්‍රාවක් , මානව
හිමිකම් කාර්යාලයේ ව්‍යාජ රබර් මුද්‍රාවක් , වවුනියාව හා
කිලිනොච්චිය කරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රබර් මුද්‍රා සහ
කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයා භාවිතා
කරන ව්‍යාජ රබර් මුද්‍රාවක්ද සැකකරු සතුව තිබී අත්අඩංගුවට
ගත් බව පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූවේ එල් ටි ටි ලාංජන සහිත පත්‍රිකා
කිහිපයක්,දත්ත ගබඩා කිරිමේ උපකරණයක්ද සැකකරු සතුව තිබි
අත්අඩංගුවට ගෙන ඇති බවයි.ෙ
සැකකරු අදාළ රබර් මුද්‍රා භාවිතා කරමින් කිසියම් නීති විරොධි
හෝ රාජ්‍ය විරෝධි ක්‍රියා සිදුකොට ඇත්දැයි සොයා පරීක්ෂණ
පවත්වන බවද පොලිසිය පැවසීය.
සැකකරු සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ
මෙහෙයවයි.
No comments:
Post a Comment