ත්‍රිවිධ හමුදාව වෙත පොදු සමා කාලයක්. නීතිවිරෝධී ගිනි අවිත් ඉල්ලයි.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි නිදහස් දිනයට සමගාමීව මෙම පොදු සමාකාලය ක්‍රියාත්මක වන බවයි.
මෙම පොදු සමාව හිමි වනුයේ ,2019 සැප්තැම්බර් මස 30 වන දිනට පෙර නිවාඩු නොමැතිව නොපැමිණි ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට පමණක් බව සඳහන් .
මීට අමතර වලංගු බලපත්‍ර හෝ ලියකියවිලි නොමැති නීති විරෝධි ගිනි අවි නැවත භාරදීමට ද අද දිනයේ සිට සතියක සහන කාලයක් ලබාදී තිබෙනවා .
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා සඳහන් කළේ එම ගිනි අවි ළඟම ඇති පොලිස් ස්ථානය වෙත භාරදීමට හැකි බවයි.
No comments:
Post a Comment