සමථ මණ්ඩලයට වැඩි බලයක්.
සමථ මණ්ඩලවල බලතල වැඩිකිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට රජය තීරණය කර තිබෙනවා. ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කළ බවද අධිකරණ අමාත්‍යංශය සඳහන් කළා. එම කමිටුව නිර්ණායක ලබාදීමෙන් අනතුරුව සමථමණ්ඩලවල බලතල වැඩි කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම රජයේ අපේක්ෂාවයි.
සමථ මණ්ඩලවල නඩු විසදීමේ මූල්‍ය සීමාව රුපියල් ලක්ෂ 10 ක් දක්වා වැඩි කළ යුතු බවටද මේ වන විට යෝජනා වී තිබෙනවා. සුළු වැරදි හා ගැටුම් නිරාකරණය සඳහා සමථ මණ්ඩලවලට වැඩි වගකීමක් පැවැරීම තුළ අධිකරණවල පවතින තදබදය අවම කළ හැකි බවද අමාත්‍යංශයේ අදහසයි. සමථ මණ්ඩලවලට සාමාජිකයින් පත් කිරීමේදී ආගමික නායකයින්ට ද ඒ සඳහා අවස්ථාව ලබාදිය යුතු බව මේ වන විට ඉදිරිපත් වී ඇති තවත් යෝජනාවක්.
No comments:
Post a Comment