ආරක්‍ෂාව පිළිබඳ අලුතෙන් සිතිය යුතුයි - මහින්ද හින්දු පුවත්පතට කියයි.
ආරක්‍ෂාව සම්බන්ධයෙන් රටවල් අතර සබඳතා තර විය යුතු යැයි තමන් විශ්වාස කරන බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉන්දියාව, ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින ත්‍රෛපාක්‍ෂික ආරක්‍ෂක වැඩපිළිවෙල තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතු බවයි. ඒ සම්බන්ධයෙන් අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සමඟ සාකච්ඡා කළ බවද රාජපක්‍ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කර තිබුණේ ඉන්දීය නිල සංචාරයට සමගාමීව ද හින්දු පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයී.
එහිදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දී තිබුණේ අප්‍රේල් 21 ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ථ ආසියාවේම ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැනනැගුණු බවයි. නව ආකාරයෙන් හිස ඔසවන ත්‍රස්තවාදය ආගමික අන්තවාදයට වැඩි නැඹූරුතාවක් දක්වන බවද ඔහු පෙන්වා දී තිබෙනවා.
මේ අතර විදෙස් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් හින්දු පුවත්පත කළ විමසීමට පිළිතුරු දෙමින් අගමැතිවරයා පෙන්වා දී ඇත්තේ සියළු රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය බවයි. එහිදී චීනය සමඟද සුහදශීලිව කටයුතු කරන බවත්, එසේ වුවද ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධය සියළු සබඳතාවලට වඩා වෙනස් යැයිද එය ශක්තිත් හා වැදගත් සබඳතාවක් යැයිද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත සාර්ක් රාජ්‍ය නායක සමුලූව සම්බන්ධයෙන්ද මෙහිදී අවදානය යොමු වී තිබුණා. එහිදී අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පෙන්වා දී තිබුණේ ඉන්දීය රජය ඒ සම්බන්ධයෙන් එතරම් අවදානයක් යොමු නොකළද සාර්ක් රාජ්‍ය නායක සමුළුව ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ විශ්වාසය යැයි ප්‍රකාශ කර තිබෙනවා.
ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි මහතා සමඟ ඊයේ දහවල් සාකච්ඡා සිදුකළ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ පස්වරුවේ ඉන්දීය ජනාධිපතිවරයා සමඟ ද්වි පාර්ශ්වික සාකච්ඡා සිදුකළා.
No comments:
Post a Comment