මහ මැතිවරණයකට මුදල් නෑ - මැකෝට ප්‍රශ්නයක්.
මහ මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නොමැති බව මැතිවරණ කොමසාරිස් කාර්යාලය පවසනවා. ඒ සඳහා වැය වන මුදල රුපියල් කෝටි 750ක්.
එම මුදල් නොමැති නිසා මැතිවරණ කොමසාරිස් කාර්යාලය දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සෑම වසරකම අයවැය මගින් මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මුදල් වෙන් කෙරෙන අතර මෙවර අතුරු සම්මත ගිණුම මගින් එලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලයට මුදල් වෙන් කර නැහැ.
ජනාධිපතිවරයාට ඇති බලතල අනුව හදිසි අවශ්‍යතා ගිණුමෙන් මුදල් ගෙන මැතිවරණය පැවැත්වීමට සිදුව ඇති බවයි මැතිවරණ කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කළේ.
No comments:
Post a Comment