සජිත්ගේ සන්ධානයේ ජාතික සංවිධායක චම්පික.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවන නව සන්ධානයේ ජාතික සංවිධායක ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා නම් කිරීමට නියමිත බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව චම්පික රණවක මහතා හෙළ උරුමයෙන් ඉවත්ව නුදුරු දිනකදීම එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
එම නව සංවිධානයේ මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයකු වන හිටපු ඇමති රන්ජිත් මද්දුම බණ්ඩාරව නම් කිරීමට පසුගියදා තීන්දු කළා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය නව සන්ධාන මහලේකම් වෙත ලැබිය යුතු බව සඳහන් වුවද එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන පාර්ශවය සඳහන් කරන්නේ එවැනි අනුමැතියක අවශ්‍ය තාවයක් නොමැති බවයි.
ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් සියලු වෙනස්කම් සහිත නව සන්ධානය පෙරට පැමිණෙන බවත් එය මෙරට දේශපාලන ඉතිහාසයේ දැවැන්තම සන්ධානය බවත් මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරනවා.
No comments:
Post a Comment