ජනපතිට, විපක්ෂ නායකට මහ සඟරුවනෙන් පැසසුම්.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටට ආදර්ශමත් පුද්ගලයෙකු බව අමරපුර මහ නිකායේ මහනායක අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් පවසනවා.
කෙසේ වෙතත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මේ වනවිට ජනාධිපතිවරයාගේ ගමන් මාර්ගය අනුව යමින් කටයුතු කිරීම අගය කළ යුතු බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
නවම් පොහොය දිනය නිමිත්තෙන් විපක්ෂ නායක කාර්යාලයේ පැවති ආගමික වැඩසටහනකදී දේශනාවක් පවත්වමින් අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් මේ බව කියා සිටියා.
No comments:
Post a Comment