උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

බිබිල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

බිබිල-මහියංගනය ප්‍රධාන මාර්ගයේ හෑපොල ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


2020/02/04 වන දින උදෑසන 10.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවෙයි.

රියදුරු පුහුණුව සඳහා භාවිතා කරමින් තිබූ ත්‍රීරෝදරථයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අදාළ අනතුරින් ත්‍රීරෝදරථයේ රියදුරු අසුනේ පුහුණුවෙමින් සිටි තරුණිය බිබිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව අතර ත්‍රීරෝදරථයේ පුහුණුකරු බරපතළ තුවාල ලබා බිබිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ මහියංගන, රීදිමාලියද්ද ප්‍රදේශයේ පදිංචි උමේෂි සචින්තනා නැමති 26 හැවිරිදි තරණියක් බව වාර්ථාවෙයි.

මෙම තරුණියගේ විවහා ගිවිසමේ ගැනීමේ උත්සවය අනතුර සිදුවන්නට දින 04 කට පෙර සිදුව ඇති බව වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot