උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 6 February 2020

ගිනිගත්හේන හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ජංගම සේවයක් පවත්වයි.

ගිනිගත්හේන හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ජංගම සේවයක් පවත්වයි.

ගිනිගත්හේන ප්‍රදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ ඉඩම්
හිමිකම් ඔප්පු නොමැති අය වෙනුවෙන් ජංගම සේවයක් පවත්වයි.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශය තුල ඉඩම් හිමිකම්
ඔප්පු නොමැති අය වෙනුවෙන් ජංගම සේවයක් ඉඩම් සහ ඉඩම් සංවර්ධන
රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් (06) දින
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාල ශ්‍රවාණාගාරයේදි පැවැත්විණ.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ බල ප්‍රදේශයේ දිර්ඝ කාලිනව
පදිංචිව සිටි මෙතෙක් හිමිකම් ඔප්පුවක් නොමැති බලපත්‍රයක් මත සිටින අය
සහ ඉඩමක් නොමැති අය වෙනුවෙන් මෙම ජංගම සේවය පැවැත්විණ.
ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ තුල පදිංචි විශාල පිරිසක් දිර්ඝ
කාලිනව පදිංචිව සිටියද ඔහුන්ට මෙතෙක් කිසිදු රජයක් මගින් හිමිකම්
ඔප්පුවක් හෝ බලපත්‍රයක් ලැබි නොමැති අය සහ කිසිදු ඉඩම් කැබැල්ලක්
නොමැති විශාල පිරිසක් මෙම ජංගම සේවයට පැමිණ සිටිහ.
මෙම ජංගම සේවයට පැමිණි අයවරුන්ගෙන් ඉඩම් හිමිකම් ඔප්පු ලබා දිම
සදහා සුදුසුකම් ලැබු ඉඩම් හිමියන් වෙනුවෙන් එම ඉඩම් මැනිම් කටයුතු සිදු කර
පා.ම විසුරුවා හැරිමට ප්‍රථම ඉඩම් හිමිකම් ඔප්පු ලබා දිමට නියමිතය.
ජංගම සේවය සදහා ඉඩම් අමාත්‍යංශය , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන්
සභාව , මිනුම්දොරු දෙපාර්තුමේන්තුව , ලංකා විදුලි බල මණ්ඩලය ඇතුළු
රාජ්‍යය ආයතන රැසක නිලධාරින් සහභාගි වි සිටිහ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot