උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

සීමාව ඉක්මවා පැමිණී ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට

සීමාව ඉක්මවා පැමිණී ඉන්දීය ධීවරයින් 11ක් නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් එකොලොස් දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

ඒ අනුව, මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වන ධීවරයින් සහ සාගරය භාවිතා කරමින් සිදු කරනු ලබන විවිධ ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සිදු කරනු ලබන අඛන්ඩ මුර සංචාරයක් අතරතුරදී ඩෙල්‍ෆ්ට් දූපතට උතුරු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති වි‍රෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් මෙලෙස නාවික හමුදා බාරයට ගෙන තිබේ.

එහිදී එම යාත්‍රාවේ සිටි ඉන්දීය ජාතිකයින් එකොලොස් දෙනෙකු ද නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදි.

මෙහිදී, නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ ඉන්දීය ධීවරයින් එකොලොස්දෙනා ශ්‍රී ලංකා නාවික නෞකා ‘එළාර’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලද අතර, එහිදී එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සිදු කිරීමට නියමිතය.

තවද, ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර කලාපයේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සිදු කරනු ලබන මුර සංචාර හේතුවෙන් මේවන විට ඉන්දියානු ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නියැලිම සාපෙක්‍ෂව අඩුවි ඇති අතර, මෙරට මත්ස්‍ය සම්පත රැක ගැනීම උදෙසා මෙන්ම මෙරට ධීවරයින්ගේ ආරක්‍ෂාව සඳහා නාවික හමුදාව සතු සම්පත් කාර්යක්‍ෂමව හා ඵලදායි ලෙස යෙදවිමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot