හදුන්නෙත්ති වැඩ අල්ලයි - ආයතන රැසකින් ප්‍රශ්න කිරීමට සූදානම්.
පාර්ලිමේන්තුව නැවත රැස්වීමට නියමිත ලබන පෙබරවාරි 18,19,20 යන දින වලදී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය, ජාතික ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ක්‍රකට් ආයතනය කොප් කමිටුවට කැඳවීමට කමිටුව සාකච්ඡා කළ බව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද (07) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.
එයට අමතරව මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාලව නිකුත්වී ඇති වෝහාරික විගණන වාර්තාව සහ ශ්‍රී ලංකන් ගුවන්සමාගමේ එයාබස් මිලදී ගැනීමේ ගණුදෙනුවට අදාලව විදේශ රටකදී දෙන ලද නඩු තීන්දුව හා සම්බන්ධව ඉදිරියේදී කෝප් කමිටුව තුළ සාකච්ඡා කිරීමට බලාපෙරොත්තු වන බවද සභාපතිවරයා පැවසීය.
No comments:
Post a Comment